රණවිරුවන් සිහිකිරීමේ සම්බෝධි වන්දනාව

මැයි 19, 2019

    එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගැනීමේ දස වර්ෂ සංවත්සර සැමරුම නිමිත්තෙන් සංවිධාන කෙරුණු සම්බෝධි වන්දනා පිංකම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස පැවැත්විණ.

    ඒ අරලියගහ මන්දිරය පරිශ්‍රයේදී. උතුම් සම්බුදු තෙමඟුල සැමරීම සහ පසුගියදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිකිරීම හා තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම ද මෙහිදී සිදු කෙරිණ. සම්බෝධි වන්දනා පිංකම තෛයිනිකායික මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාව අභියසදී. මැති-ඇමතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News