ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය පූර්ණ බලතල ආරක්‍ෂක අංශවලට;අමාත්‍ය රුවන්

මැයි 19, 2019

    දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය පූර්ණ බලතල ආරක්‍ෂක අංශවලට ලබාදී ඇතැයි, අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    ඔහු මේ බව අද (19) මාධ්‍යයට කියා සිටියේ බියගම ප්‍රදේශයේදී.

    මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා....

    “මම කිසිම බලපෑමක් එල්ල කරලා නැහැ මල්වාන ප්‍රදේශය පරීක්‍ෂා කරන්න එපා කියාලා. හතර සැරයක් හමුදාපතිතුමාටයි, පොලිස්පතිතුමාටයි කිව්වා මල්වාන අවට ගම්මාන සියල්ලම සෝදිසි කරලා අවශ්‍ය ආරක්‍ෂක වැඩකටයුතු කරන්න කියලා. ආරක්‍ෂක අංශවලට දේශපාලනයේ කිසිම ඇඟිලි ගැහැල්ලක් නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ රාජකාරි කරගෙන යන්න. මේ ත්‍රස්තයන් ඒකට තිතත් තියන්න, ඒ පූර්ණ සහයෝගය ඒ ආරක්‍ෂක අංශවලට දීලා තියෙනවා. ත්‍රස්ත කල්ලියේ සියලු දෙනාම වගේ දැන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. තවත් කිහිප දෙනෙක් ගැන ඒගොල්ලන් පරීක්‍ෂණ පවත්වලා පුලුවන් තරම් ඉක්මණින් අත්අඩංගුවට අරගන්න දැන් වැඩකටයුතු කරනවා. මේක සිංහල බෞද්ධ රටක්. බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධයන්. 70% වකටත් වඩා ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව. ආදි කාලේ ඉඳන්ම අරාබියෙන් වෙළෙන්දෝ මෙහෙට එනකොට පදිංචි වෙනකොටත් මේ ලංකාවේ තිබුණ සංස්කෘතියට ගෞරව කරමින් තමයි ඒගොල්ලන් ජීවත් වුණේ“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Latest News