වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ ධර්ම දේශනාවක්

මැයි 19, 2019

    වෙසක් පොහොය නිමිත්තෙන්, විශේෂ ධර්ම දේශනාවක් ජාතික රූපවාහිනී පරිශ්‍රයේ අද (19) පැවැත්විණ.

    ඒ, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දායකත්වයෙන්. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුවයි, එය සංවිධාන කෙරුණේ. ධර්ම දේශනය පවත්වනු ලැබුවේ දොම්පේ ගනේගොඩ ශ්‍රී සාරානන්ද මහ පිරිවෙණේ ආචාර්ය, රාජකීය පණ්ඩිත පූජ්‍ය දික්කාපිටියේ සේනානන්ද හිමියන් විසින්. හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිණිය, ජලනි ප්‍රේමදාස මහත්මිය සහ ජාතික රූපවාහිනියේ සභාපතිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    rupava px 900 19 05 19

    වැඩසටහන ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශය කෙරිණ. එහිදී වැඩසටහනට සහභාගිවූ සැදැහැවතුන්ට බුදුපිළිම වහන්සේ නමක් සහ ධර්ම පුස්තකයක් පිරිනැමිණ.

     

    Latest News