අනවසරයෙන් කෝමාරිකා ගැලවු 02ක් මාට්ටු

මැයි 19, 2019

    නාවික හමුදා සහ පොලිස් නිලධාරින් එක්ව අනවසරයෙන් කෝමාරිකා පැළ ගලවා ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    නාවික හමුදාව සහ වන්කාලේ, පොලිස් නිළධාරින් එක්ව වන්කාලේ, තෙත්බිම් රක්‍ෂිතය ප්‍රදේශයේ සිදු කල වැටලිමකදී රක්ෂිතයෙන් ගැලවු කෝමාරිකා පැළ සහ ගැලවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. මළු 18 ක අසුරා තිබූ කිලෝ ග්‍රෑම් 510 කට ආසන්න කෝමාරිකා පැළ තොගයක් සොයා ගැනීන.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 39 සහ 36 ක් වු මන්නාරම, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, කෝමාරිකා ‍පැළ තොගය සහ ලොරි රථය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වන්කාලේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

     

     

    Latest News