සැවොම ශ්‍රී ලාංකිකයෝ ලෙස කටයුතු කරන්න අවශ්‍යයි - අමාත්‍ය අකිල (වීඩියෝ)

මැයි 18, 2019

    අපිට යහපත් අනාගතයකට සැවොම ශ්‍රී ලාංකිකයෝ ලෙස කටයුතු කරන්න අවශ්‍යයි යැයි අමාත්‍ය අකිල විරාජ්  කාරියවසම් මහතා පවසයි. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් බැහැ දැකීමට යෑමෙන් අනතුරුව මධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    රෝගී තත්වයේ පසුවන අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ සුවදුක් විමසීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(18) ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණියේය.

    එහිදී මහනාහිමියන් සමග පිලිසඳරක යෙදුණු අමාත්‍යවරයා අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

    "දන්සැල්වල ආදී ස්ථානවල අහන්න ලැබෙන්නේ මොහිදීන් බෙග් මහතාගේ ගීත. අපේ රටට අනන්‍යවූ සිංහල බෞද්ධ සංස්කෘතියවටා ගොනුවෙච්ච සංස්කෘතියක් ඇතුලෙ අනෙකුත් ආගම් පවතිනවා. ලංකාව බෞද්ධ රටක් ඒවගේම අනෙකුත් සියලුම ආගම් වලට නිදහසේ තම ආගම ඇදහීමට අයිතිය තියනවා. එදත් පිලිගත්තා අදත් පිලිගන්නවා. සමහර ජාතිවාදී කණ්ඩායම් විවිධ අරමුණු වලින් කටයුතු කරාට අපිට එහෙම කරන්න බැහැ. ගෝත්‍රිකයෝ වගේ කටයුතු කරන්න බැහැ." යැයි අමාත්‍යවරයා අදහස් දැක්වීය.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 12:42

    Latest News