අගමැති - බදු අභියාචනා කොමිෂන් එකත් අරියි

නොවැ 08, 2018

    අග්‍රාමාත්‍ය අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත්කර තිබේ.

    බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු හෙක්ටර් යාපා මහතා පත්කර ඇත. විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස්. ස්වර්ණජෝති මහතා එහි සාමාජිකයන්වේ. එය 2011 අංක 23 දරණ බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ පිහිටුවා ඇත.

    දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ බදු ගෙවන්නෙකුට ඇති වන්නා වූ යම් ආරවුලක් වේනම් ඉක්මනින් විසඳා ගැනීමට බදු අභියාචනා කොමිෂන් සභාව මගින් සිදුවේ.

    බදු ගෙවන්නෙකුට තමන්ගේ වාර්තාව අනුව ගෙවිය යුතු යම් බද්දක්, ගාස්තුවක් හෝ අයකිරීමක් පැනවීම හා අදාළ යම් කාරණාවක් සම්බන්ධයෙන් යම් දුක්ගැනවිල්ලක් තිබේනම් ඒවා මෙම කොමිෂන් සභාවට යොමුකළ හැකිය. එම අභියාචනා විභාග කිරීමෙන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ රේගු දෙපාර්තමේන්තුව විසින් දෙන ලද තීන්දු හා නියමයන් අඩු කිරීමට, සංශෝධනය කිරීමට හෝ සනාථ කිරීමට මෙම කොමිෂන් සභාවට බලය හිමිවේ.

    මෙම කොමිෂන් සභාව ඉදිරියේ දැනටමත් බදු ගෙවන්නන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා 224 ක් නොවිසඳී තිබේ. මෙම කොමිෂන් සභාව සක්‍රීය කිරීමත් සමඟින් මෙම අභියාචනා සඳහා කඩිනම් විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. බදු ගෙවන්නන් මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳුම් ලබාදීමට බදු අභියාචනා කොමිෂම වැනි ආයතනයන් සක්‍රීය කිරීම තුළින් ව්‍යාපාර පහසු කිරීමේ වාතාවරණයන් තවදුරටත් පුළුල් වනු ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 නොවැම්බර් 2018 17:41

    Latest News