ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං අද (17) මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය.
ඉන් අනතුරුව ඉන්දීය මහ කොමසාරිස්වරයා මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් ද බැහැදුටු වේය.
ශ්රී ලංකාව තුළ සිදුවූ අන්තවාදී හා ත්රස්තවාදී ප්රහාරයන් හෙළා දකින බව මහ නා හිමිවරුන් හමුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්රකාශ කර තිබේ.