වෙසක් උත්සවයට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

මැයි 17, 2019
    වෙසක් උත්සවයට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
    දිවයිනම ආවරණය වන පරිදි එය ක‍්‍රියාවට නංවනු ඇත.
    ඒ අනුව පසුගිය වසරවල මෙන් මෙවර ද වෙසක් සමයේ අවශ්‍ය උපරිම ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
     
    වෙසක් දින කිහිපයේදීම කොළඹ ඇතුළු නගර වලට පැමිණෙන මහජනතාවගේ ආරක්‍ෂාවට හා රථවාහන හැසිරවීම සදහා පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවා තිබේ. 
    වෙසක් දින කිහිපයේ දී ප්‍රජා පොලිස් කමිටු සම්බන්ධ කරගනිමින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි අගමික කටයුතු සංවිධාන කරන ලෙස ද දිවයිනේ පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.  

    Latest News