ජනාධිපති නීතීඥවරුන් 22 ක් දිවුරුම් දේ

මැයි 17, 2019

    ජනාධිපති නීතීඥවරුන් 22 ක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (17) දිවුරුම් දී තිබේ.

    ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේදී.

    මෙම අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය හා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන් ද එක්ව සිටියහ.

    නවීන් මාරපන, සම්පත් මෙන්ඩිස්, චානක ද සිල්වා, නලීන්ද ඉන්ද්‍රතිස්ස, නලීන් දිසානායක, මයුර ගුණවර්ධන, එම්. ජයසිංහ, බියසේන දීරත්න, වී.කේ. චොක්සි, වසන්ත ගජනායක, අරවින්ද රොද්‍රිගූ, ෆල්මාර් කාසිම්, ජගත් වික්‍රමනායක, සුමිත් සේනානායක, සීවලී අමිතිරිගල, කපිල මනම්පේරී, සාලිය මොහොට්ටි, වින්සන්ට් පෙරේරා, සනත් වීරරත්න, ඒ .ඒ. එම්. ඉල්ලියාස් සහ ස්වර්ණා පෙරේරා ඒ අතර වේ.

    Latest News