සියලු ජාතික අන්තවාදීන් පරාජය කළ යුතුයි.......සංස්කෘතියට බාහිර ගලාඒම් නතර කළ යුතුයි ...... අලි සබ්රි (වීඩියෝ)

මැයි 16, 2019
  • රටේ ජාතික සමගිය ඉතා වැදගත් ‍බැවින් අන්තවාදයට සම්බන්ධ සියලු පාර්ශව තරතිරම නොබලා දඬුවම් කල යුතු බව ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා පවසයි.

    එක ජාතියක් ගොඩනැගී අද මතුවි ඇති තත්වය තුළ පාසලින් අරම්භ කළ යුතු බව ඔහු කියා සිටි. සිංහල, දෙමළ හෝ මුස්ලිම් වශයෙන් ජාතින් වෙන් කෙරෙන පාසල් තුල ශ්‍රී ලංකීක ජාතික එකමුතුවට විශාල අභියෝගයක් එල්ලවී ඇති බවත් අලි සබ්රි කියා සිටි. මද්‍රාසා පාසල් ගැන නියාමනයක් සිදු විය යුතුයි බව ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා පවසයි.

    අද(16) කොළඹ පදනම් ආයතනයේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන නායකයින් විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් එතුමා මෙම අදහස් පළ කළේය.

    තමා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ශ්‍රී ලාංකීකයන් බව ද පවසා සිටි සබ්රි මහතා, පසුගිය පාස්කු ඉරිදා දින එල්ල කළ ත්‍රස්ථ ප්‍රහාරය මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් හෙළා දකින බව ඔහු කියා සිටියේය. එය සියලු දෙනාට වඩා තමාට දරා ගැනීම අපහසු බව ද කියා පෙන්වා දුනි. ඕනෑම සමාජයක වෙනස්කම් තිබෙන බවත් මුස්ලිම් ප්‍රජාව සිදු කරන බොහෝ දේ සමාජයට පැමිණෙන් නැති බව ද ප්‍රකාශ කර සිටියේය.

    එනිසා මේ සියල්ල ගැන කල්පනා කර මුස්ලිම් ප්‍රජාව ලෙසත් ශ්‍රී ලාංකීකයෝ ලෙසත් ඔවුන් මෙම ප්‍රශ්නය ගැන කථා කරන්න ඉදිරිපත් වු බව ද පැවසු අලී සබ්රි මහතා, කලින් කලට රටට නොයෙක් ව්‍යවසනයන් පැමිණෙන බවත්,ඒ සියල්ලට එකතු වී මුහුණ දිය යුතු බවත් පැවසීය. සමාජයක් ලෙස මුස්ලිම් ප්‍රජාව සිදු කල හැකි බොහෝ දේ කර ඇති බවත්, විවෘත ආර්ථිකය සමඟ නොයෙක් දේ සංස්කෘතියට ආගමනය වු බව ද සඳහන් කළේය. මේ අනුව බාහිරින් එන සෑම දේකටම අවස්ථාව නොදීමට කාලය එළඹ ඇති බවත් ඔහු කියා සිටි.

    එවැනි දේ නියාමනයට කටයුතු කරමින් සිටින බව ද පැවසු සබ්රි මහතා පැසියිය. මද්‍රාසා පාසල් නියාමනයක් සිදු විය යුතු බවත්, එහි අධ්‍යාපන ක්‍රමවේදය හා මුදල් ලැබෙන ආකාරයේ සිට සියල්ල නියාමනය විය යුතු බව පවසා සිටියේය. රජයෙන් මුහුණු ආවරණ ඉවත් කිරීමට නීතියක් ගෙන ඒමට මත්තෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඒ දේ මුස්ලිම් ප්‍රජාව සිදු කල බවත් පැවසු සබ්රි මහතා, මේ වන විටත් කල හැකි දේ ගැන සාකච්ඡා පවත්වමින් සිටින බව ද කියා සිටියේය.

    නමුත් අවාසනාවකට මෙන් එක් පුද්ගලයෙක් හෝ අන්තවාදී ගොන්නට එක් වීමෙන් අපි ජාතියක් ලෙස හා සමාජයක් ලෙස පරාජයට පත්වන බව ඔහු පවසයි. සහරාන්ගේ කල්ලියේ ප්‍රමාණය වර්ධනය වීමට පසුගිය කාලයේ දිගන ප්‍රදේශයේ ඇති වු තත්ත්වය බලපෑ බව ද සඳහන් කළේය. කෙසේ වෙතත් සැඟවුණ න්‍යාය පත්‍රයට ජනතාවට සැමදා රැවටීමට අවශ්‍ය නැති බව ද සඳහන් කළ අලී සබ්රි මහතා, මුස්ලිම් ජනතාව වෙනුවෙන් තමන් ඇතුළු සියලු දෙනාට විශාල වගකීමක් ඇති බව ද පැවසීය.

    ශ්‍රී ලාංකීකයෝ ලෙස පොඩි පොඩි කුලක ලෙස බෙදී කටයුතු කිරීම යෝග්‍ය නොවන බවත්, තරාතිරම නොබලා සාක්ෂි ඇත්නම් ඕනෑම අයෙකුට දඬුවම් ලබා දිය යුතු බවද ඔහු සඳහන් කළේය. එනිසා සියලුම අන්තවාදීන් පරාජය කිරීම සඳහා එකතු වී සටන් කිරීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 16:34

    Latest News