සතොසේ 153ක් දේශපාලන වැඩට යෙදවූයේ යැයි නඩුවක්

මැයි 14, 2019

    පසුගිය රජය සමයේ ස.තො.ස. සේවකයින් 153ක් දේශපාලන කටයුතුවල යෙදවීම සම්බන්ධ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ මූලික විරෝධතා ජූනි 07 ප්‍රකාශයට පත් කෙරේ.

    2010 වසරේ සහ 2014 වසර දක්වා වූ කාල සීමාව තුළ ස.තො.ස ආයතනයට අයත් සේවකයින් 153 දෙනෙකු සිය රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත.

    එම නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජුනි මස 7 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අද(14) නියම කර තිබේ.

    මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ විත්ති පාර්ශවයේ නීතිඥවරුන් එම නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

    Latest News