සමාජ ජාලා මාධ්‍ය තාවකාලිකව අවහිරයි

මැයි 13, 2019

    වහාම ක්‍රියාත්මක වන පරිදි වට්ස් ඇප්, වයිබර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඊයේ ප්‍රදේශ කීපයක ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය සමඟ සමාජ මාධ්‍ය තුළින් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් හා ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීම හේතුවෙන් මෙලෙස සමාජ ජාලා අවහිර කර තිබේ.

    ජාතීන් අතර අසමගිය ඇති කරන ආකාරයේ ප්‍රකාශයක් යම් පුද්ගලයෙකු විසින් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් විරෝධය පල කිරීමත් සමඟ හලාවත නගරයේ ඊයේ දිනයේදී යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තේය.

    එම අදහස් ප්‍රකාශ කල පුද්ගලයා ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍ය හරහා මෙම අදහස් ප්‍රකාශ කිරීම සිදුකර ඇති අතර, මේ වනවිට ඔහු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News