අගමැතිතුමා, කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් බැහැදකී

මැයි 12, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(11) සවස අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් බැහැදැකීමට ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණියේය.

    උන්වහන්සේ සමග වත්මන් තත්වය පිලිබඳව සාකච්ඡාවකින් පසු අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ තමන්ගේ ඉල්ලීමකට අනුව පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මහජනතාව සාමකාමී වාතාවරණයක් තුල පවත්වා ගැනීමට මහානායක හිමිවරු ක්‍රියාකල බවයි. ඒ අනුව උන්වහන්සේලාට තම කෘතගුණ දැක්වීමට මහා නායක හිමියන් බැහැදැකීමට පැමිණි බව අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.

    Latest News