මඩකළපුවේ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට

මැයි 12, 2019

    නාවික හමුදා භට පිරිසක් විසින් ඊයේ (11) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 70 සොයා ගැනීමට සමත්ව ඇත.

    නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික භට පිරිසක් විසින් මඩකළපුව, කළපු ප්‍රදේශයෙ ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා මෙම තහනම් ධීවර දැල් තොගය සොයා ගෙන ඇති අතර, අදාල ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

    Latest News