බස් - දුම්රිය ගැටුමින් උතුරේ දුම්රිය ගමනට බාදාවක්

මැයි 11, 2019

    යාපනය කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා ධාවනය වූ උත්තර දේවි දුම්රිය යාපනය කොඩිකාමම් කරම්බකම් මන්සංධියේදී අද (11) උදෑසන බස් රථයක් ගැටී තිබේ. අනතුරින් බස් රථයේ රියදුරු බරපතල තුවාල ලැබූ බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

    කරම්බකම් මන්සංධියේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී ආලෝක සංඥාද නොතකා ධාවනය කිරීමට උත්සහ ගත් හැරවු පෞද්ගලික බස් රථයක් මෙම අනතුර සිදුව ඇත. එහිදී බස් රථයේ රියදුරු පමණක් සිටි හෙයින් රියදුරු බරපතල තුවාල ලබා කොඩිකාමම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුලත් කෙරිණ.

    උත්තර දේවි දුම්රියේ බස් රථය ගැටීමෙන් පසුව මීටර් 50කට වැඩි ඈතක් බස් රථය දුම්රිය මාර්ගයේ ඇදී ගොස් ඇති බව වාර්තාවේ. එහිදී බස් රථය සම්පූරණයෙන්ම විනාශ වූ අතර උත්තර දේවී දුම්රියටද හානි සිදුවිය.

    උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු පලෙයි දුම්රිය ස්ථානය දක්වා සිදු කෙරෙන අතර හානි වූ උත්තර දේවී දුම්රිය පලෙයි දුම්රිය ස්ථානය දක්වා ඇදගෙන යාමට කටයුතු සිදු කරමින් සිටින අතරම ඉන් අනතුරුව දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවටද දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් කියා සිටියේය.

     

    Latest News