ඉන්දියාව හරහා ලංකාවට ඇතුල්වීමට උත්සාහ කළ පලස්තීන ජාතිකයකු හරවා යවයි

මැයි 11, 2019

    ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ ගත් පලස්තීන ජාතිකයකු ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් අද (10) පියවර ගනු ලැබිණ.

     45 හැවිරිදි හෂීම් රමාදාන් නමැති මොහු ඉන්දියාවේ සිට ගුවන් මගින් අද (10) කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

    එහිදී ගුවන් තොටුපල නිලධාරීන් කළ ප්‍රශ්න කිරිම් හමුවේ මතුවූ සැකයක් හේතුවෙන් එසේ හරවා යැවීමට පියවර ගෙන තිබේ. ආගමන විගමන නිලධාරීන් එම තැනැත්තාගෙන් කරන ලද විමසීමේදී ඔහු පවසා ඇත්තේ පලස්තීනයේ සිට අධ්‍යාපනය ලැබීමට ඉන්දියාවට පැමිණි බවකි.

    Latest News