කෙසෙල්ගමු ඔයේ මැණික් ජාවාරමක්....ගරමින් සිටි 2ක් මාට්ටු (ඡායාරූප)

මැයි 10, 2019

    කෙසෙල්ගමු ඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් හැටන් කොට්ඨාස දුෂණ මර්දන එක්කයේ නිලධාරින් විසින් ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණි.

    බගවන්තලාවේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගෙන යන කෙසෙල්ගමු ඔයේ මෙම ජාවාරම සිදු කර ඇත. විශාල පරිසර විනාශයක් සිදු කරමින් කෙසෙල්ගමුඔයේ නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයයේ ඔය ඉවුර කපා පස් සහිත මැණික් ඉල්ලම් ගොඩ ගෙන එම ඉල්ලම් පස් කෙසෙල්ගමුඔයටම සේදීම සිදු කර තිබේ.

    මැණික් ජාවාරම්කරුවන් පිළිබඳව බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරක් මත එම නිලධාරින් සහ හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකය මෙම වැටලීම සිදු කර ඇත.

    නිලධාරින් එම ස්ථානය වටලන අවස්ථාවේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර තවත් ජාවාරම්කරුවන් පිරිසක් පලා ගොස් ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරුවන් අනවසරෙන් මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක් සහ මැණික් ඉල්ලම් සහිතපස් තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
    අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් ඔවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

    අනවසර මැණික් ජවාරම්කරුවන් මැණික් ගරන දර්ශන සහ එම ජාවාරම්කරුවන් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා දර්ශන

    g1

    g2

    g4

    g5

    g6

    g7

    g8

    g9

    g10

    g11

    Last modified on සිකුරාදා, 10 මැයි 2019 11:41

    Latest News