ලක්සල හිටපු සභාපති කොස්වත්තගේ අල්ලස් නඩුව....ජූනි 14 දක්වා කල් යයි

මැයි 10, 2019

    ලක්සල ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ජුනි මස 14 දක්වා කල් තැබේ.

    මෙම නඩුව අද(10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය කර ඇත.

    ඉකුත් රජය සමයේ ජාතික කෞතුකාගාර භූමියේ ලක්සල අලෙවි කුටි ඉදිකිරීමේ ක්‍රියාදාමයේ දී නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව එම කටයුතු ඉටු කිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් එම ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News