හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

මැයි 10, 2019

    හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙකු කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනී.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 556ක් පොලීසිය බාරයට ගෙන ඇත.

    සැකකරු හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

    අත්අඩංගුවට ගත් සැකකරු අද (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

    Latest News