සේවය හැර ගිය සෙබළුන් 9,907ක් යළි සේවයට

මැයි 10, 2019

    නොදන්වා සේවය හැරගිය යුද හමුදා සාමාජිකයින්ට නැවත සේවයට වාර්තා කිරීම සඳහා යුද හමුදාව විසින් ප්‍රකාශයට පත්කර ඇති පොදු සමාකාලය අදින් (10) අවසන් වේ.

    පසුගිය 22 වැනි දින සිට මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර තිබූ අතර, එම කාලය තුළ යුද හමුදාවට නොදන්වා සේවය හැර ගිය යුද හමුදා සාමාජිකයන් 9,907 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇත.

    අත්‍යවශ්‍ය සේවා වලින් අනතුරුව එම පිරිස් සඳහා ඉදිරියේදී නීත්‍යාකූලව හමුදා සේවයෙන් ඉවත්වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් යුද හමුදාවේ අවධානය යොමුවී තිබේ.

    Latest News