ඉතිහාසයෙන් ඉගෙන නොගැනීම තිබෙන ලොකුම ප්‍රශ්නයයි- අමාත්‍ය රවී කරුණානායක

මැයි 10, 2019

    එකතුවෙන්න ඇති හොඳම අවස්ථාව මෙය බවත් ඉතිහාසයෙන් ඉගෙන නොගැනීම තිබෙන ලොකුම ප්‍රශ්නය බවත් අපි ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට ගමන් කළ යුතු බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මේ අවස්ථාව නිවැරැදි කරගන්න අවශ්‍යයි.

    අපේ විවිධත්වයක් තියෙනවා.

    අපි ශ්‍රී ලාංකිකයන් කියන එකයි අපේ ශක්තිය.

    අපි එය උපරිම ආකාරයෙන් පවත්වාගන්න අවශ්‍යයි.

    සැබෑ ආර්ථික නිදහස ලැබුණ ද කියලා ප්‍රශ්යක් තිබෙනවා. අප්‍රේල් 21 දා සිද්ධියෙන් අපි ශ්‍රී ලාංකික ද කියන ප්‍රශ්නය නැවත ප්‍රශ්න කරන්න වෙනවා.

    ප්‍රචණ්ඩත්වය කරා දික් වූ අන්තවාදයක්.

    මේ අකාරයෙන් දරුණු විශාලත්වයෙන් යුතු ප්‍රහාර වෙනවා නම් නවත්වන්න ඕන උසස් අධ්‍යාපන ආයතනවල එක් ජාතියක් ලෙස අධ්‍යාපනය ලබන්න ඕන.

    මුස්ලිම් ජාතිකයන් කෙරෙහි සැකය දුරු කරන්න කටයුතු කරන්න ඕන.

    1971 අපිට තරුණ අසහනයක් තුළින් ලේ වැගිරීමක් වුණා 89ත් ආවා. සියයට 99ක් මෙය ප්‍රතික්ෂේප කරනවා.

    අපි ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට ගමන් කළ යුතුයි. අප බය නැතිව කතා කරන්න ඕන එකමුතුභාවය ගැන.

    අද සමඟිතාවය පළුදු වෙලා.

    එකතුවෙන්න ඇති හොඳම අවස්ථාව මෙයයි.

    ඉතිහාසයෙන් ඉගෙන නොගැනීම තිබෙන ලොකුම ප්‍රශ්නයක්.

    ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇතිව කටයුතු කල යුතුයි.

    ජාතිවාදි පක්ෂ තහනම් කිරීමට අවශ්‍යයි යැයි ද අමාත්‍යවරයා පැවසිය.

    Latest News