කතෝලික පෞද්ගලික පාසල් 14 ඇරඹේ... දිව්‍ය පූජා 12 වැනි දින සිට

මැයි 10, 2019

    කතෝලික පෞද්ගලික පාසල් 14 වැනිදා සිටත් කොළඹ පදවියේ කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජා ලබන ඉරුදින (12) සිට පැවැත්වීමට කටයුතු කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.

    උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ කතෝලික අගරදගුරු සම්මේලන මධ්‍යස්ථානයේ දී කලාප රදගුරුතුමන්ලා සමඟ ඊයේ (9) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

    රටේ ආරක්ෂිත තත්ත්වයන් තහවුරු කිරීමෙන් අනතුරුව කතෝලික පාසැල් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් කෙසේ හෝ යම්කිසි අනාරක්ෂිතබවක් හෝ අවධානම් තත්ත්වයක් ඇති වුවහොත් කතෝලික පාසැල් වෙසක් උත්සවය ද අවසන් වන තෙක් වසා තැබීමට කටයුතු කරන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

    එමෙන්ම ආරක්ෂක තත්ත්වයන් තහවුරු කිරීමෙන් අනතුරුව කතෝලික දේවස්ථාන වල දිව්‍ය පූජාවන් ලබන ඉරුදින සිට පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් මේ සඳහා ඒ ඒ දේවස්ථාන වල පවතින ආරක්ෂක අංශ වල දායකත්වය ද ලබා ගැනීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළහ.

    Latest News