SLTJ ලේකම්ට එරෙහි නඩුව ජූලි 25

මැයි 10, 2019

    ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්ට එරෙහිව ගොනුකර තිබූ නඩුව කැඳවීමෙන් අනතුරුව එම නඩුව නැවත ජූලි මස 25 වනදා යළි කැඳවීමට නියෝග කෙරිණ.

    ඒ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ බෞද්ධ ජනතාවට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

    නඩුව සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බවයි, කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ.

    කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අදාළ නඩුව ගොනුකර තිබුණේ 2016 වර්ෂයේදීයි.

    Latest News