අනුරාධපුර සැකකටයුතු ගොවිපලක් පරීක්ෂාවට

මැයි 09, 2019

    අනුරාධපුර පරසන්ගස්වැව සත්ත්ව ගොවිපලක සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු විද්‍යුත් උපකරණ, දෙස් විදෙස් ATM කාඩ්පත් සහ විදේශීය චෙක්පත් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිසියට ලද තොරතුරකට අනුව පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙම පරීක්ෂාව සිදුකර ඇත. පරික්ෂාවේදී විදෙස් ATM කාඩ්පත් 10ක් සහ විදේශීය චෙක්පත් 16ක්, CCTV සඳහා භාවිතා කරන නවීන කැමරාවක් සහ තවත් විද්‍යුත් භාණ්ඩ රැසක් හමුවේ ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කරයි. පරසන්ගස්වැව පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරයි.

    Latest News