ව්‍යාජ බෝම්බ බියක් ඇති කළ සිසුන් අද අධිකරණයට

මැයි 09, 2019

    සැකකටයුතු පාර්සලයක් නිසා වැල්ලවායේ කුමාරදාස මධ්‍ය මහා විද්‍යාලය අසල ඊයේ (9)දහවල් නොසන්සුන්තාවයක් ඇතිවිය.

    එම පාර්සලය බෝම්බයක් බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙනි. මේ පිලිබඳව වැල්ලවාය පොලිසිය විසින් විමර්ශන ආරම්භ කළ අතර එහිදී එම ස්ථානයේ කිසියම් සැකකටයුතු පාර්සලයක් ඇති බවට නිරීක්ෂණය කර ඇත. පසුව පොලිසිය විසින් සිසුන් සහ ප්‍රදේශයේ ජනතාව එම ස්ථානයෙන් ඉවත් කර යුද හමුදාව කැඳවා එම පාර්සලය නිරීක්ෂණය කිරීමට කටයුතු කර තිබේ.

    යුද හමුද නිලධාරීන් දැඩි වෙහෙසක් ගෙන එම ස්ථානයේ තිබූ පාර්සලය දිග හැර සොයා බලා ඇති අතර එහිදී ආවරණය කරන ලද ගඩොල් කැටයක් එහි තිබී හමු වී තිබේ. අනතුරුව මීට සම්බන්ධ පුද්ගලයන් සොයා පොලිසිය සහ යුද හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර එහිදී සිදු කළ විමර්ශනවලදී මීට සම්බන්ධ එම පාසලේම 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙය සිදු කළ බවට අනාවරණය වී තිබේ.

    පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ සිසුන් හය දෙනා ඊයේ පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සිසුන් පවසා ඇත්තේ ලමුන් බිය කිරිමේ අරමුනින් මෙම ක්‍රියාව සිදු කල බවයි. අත්අඩංගුවට ගත් සිසුන් වයස අවුරුදු 16 වන වියේ පසුවන අතර යුද හමුදා නිලධාරීන්ගේ ලමුන් දෙදෙනකු ද ඒ අතර සිටින බව පොලිසිය පවසයි. සැකකාර සිසුන් හය දෙනා අද(09) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ පිළිබඳ විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.

    Latest News