මෙරට නිෂ්පාදිත බෝම්බ 2ක්... සැකපිට තරුණයෙක් අත්අඩංගුවට

මැයි 09, 2019

    බලංගොඩ පුවක්ගහවෙල ප්‍රදේශය කැලෑබද ස්ථානයක් පරික්ෂා කිරීමේදී මෙරට නිෂ්පාදනය කළ බෝම්බ දෙකක් සොයාගෙන තිබේ.

    පොලිසියට ලද තොරතුරකට අනුව කළ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ සෝදිසි මෙහෙයුමකදී මෙම බෝම්බ සොයා ගෙන ඇත. පොලිස් නිල සුනඛ අංශයේ "නිකිටා" නිල සුනඛයාගේ සහයෙන් මෙම බෝම්බ සොයා ගැනිණ. බෝම්බ නිෂ්පාදනය කෙළේ යැයි සැක කරන පුවක්ගහවෙල ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරේ.

    Latest News