සුළි සුළඟින් නිවාස හානි වූවන්ට ආධාර

මැයි 08, 2019

    පසුගිය දා වව්නියාව ප්‍රදේශයේ හමා ගිය සුළි සුලඟින් හානි වූ නිවාස සඳහා ආධාර ප්‍රදානය කෙරේ.

    වව්නියාව ඕමන්ද පනිකපුලියන්කුලම ප්‍රදේශයට මෙම සුළි සුළඟ බලපා ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි. සුළි සුළඟින් නිවාස 30කට ආසන්න ප්‍රමාණයකට අලාභ හානි සිදුවිය. සම්පූර්ණයෙන්ම නිවාස හානි වූ පිරිස් මේ වන විට තාවකාලික නිවාසවල පදිංචි වී සිටිති. වවුනියාව දිස්ත්‍රික් ලේකම්තුමා ඊයේ ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රදානය කළේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නිවාස යළි ඉදිකිරීමට හා ප්‍රතිසංස්කරණය කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

    Latest News