ඩෙංගු මර්දන සතිය 08 සිට 14 දක්වා‍

මැයි 08, 2019

    ඩෙංගු මර්දන සතියක් අද(08) සිට ලබන 14 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරේ.

    එහෙත් රටේ පවතින මත අද සිට දින තුනක් පමණක් මදුරුවන් බෝවන ස්ථාන සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත ව ඇත. දිස්ත්‍රික්ක 18ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 75ක් මූලික කරගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි අවදානමක් පවතින බව වාර්තාවේ. මේ වසරේ 16,000 කට ආසන්න ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් 23 දෙනකු මියගොස් තිබේ. පාසල් සහ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි අවදානමක් පවතී. ඩෙංගු මදුරුවන් බෝනොවීමට කටයුතු කිරීම සහ කීට නාශක යොදා කීටයන් මර්දනය කිරීමට පියවර ගතයුතු බව විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි.

    Latest News