තව්හීද් ජමාද් සාමාජිකයෙකු මුදවා ගැනීමට පොලිසියට අල්ලස් දී මාට්ටු

මැයි 08, 2019

    තව්හීද් ජමාද් සංවිධානයේ සැකකරුවෙකු මුදවා ගැනීමට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිට රු. ලක්ෂ 5ක අල්ලසක් දීමට පැමිණි අයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

    මෙම අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් නමැති තව්හීද් ජමාද් සාමාජිකයා හොරොව්පතාන පොලිසිය විසින් පසුගිය 28 වනදා අත්අඩංගුවට ගෙන ලබන 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි. මෙම සැකකරු පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලේ සිදු කළ බෝම්බ ප්‍රහාරයට ඍජු සම්බන්ධකම් පවතින බව වාර්තාවේ. මීලඟ අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ දී මෙම මොහොමඩ් නියාස් නැමැත්තා අයථා අන්දමින් නිදහස් කර ගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයාට ලක්ෂ 5ක් ලබා දීමට මොහොමඩ් ෂිෆාන් නම් වයස 26ක් වන සැකකරු පැමිණ තිබේ. 

    පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව අල්ලස් හා දූෂණ විමර්ෂන කොමිසමේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඒ අනුව එම මොහොමඩ් ෂිෆාන් නම් සැකකරු ලක්ෂ 5න් අත්තිකාරම් වශයෙන් ලක්ෂ දෙකහමාරක් ලබා දීමේදී අල්ලස් නිලධාරීන්ගේ අත්අංගුවට පත්ව තිබේ.

    Last modified on බදාදා, 08 මැයි 2019 13:28

    Latest News