බේරුවලින් පොලීසියට කඩු 15 ක්

මැයි 07, 2019

    ආරක්ෂක මෙහෙයුම් වලට අදාළව කඩු, උල්පිහි, කිනිසි ආදිය පොලිස් ස්ථාන වෙත භාරදෙන ලෙසට කළ ඉල්ලීම් අනුව කඩු 15 ක් බේරුවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    මීට අමතරව බේරුවල පොලිස් නිලධාරීන් කළ සෝදිසි මෙහෙයුමකදී තවත් කඩු 15 ක් හමු වූ අතර මෙම සියලු කඩු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඊයේ සහ පෙරේදා දිනයන්හි සිදුකල මෙහෙයුම් වලදී මෙම කඩු පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.

    Latest News