අසාද් සාලිගේ ත්‍රස්තවාදි විනිසුරු ප්‍රකාශයට පරික්ෂණයක් ඕනෑ........ සුදන්ත හිමි

මැයි 07, 2019

    ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයට සම්බන්ධ විනිසුරුවරු සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අද අධිකරණ සේවා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

    එම ඉල්ලිම ඇතුලත් ලිපියක් ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුවේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් අද අධිකරණ සේවා කොමිසම වෙත භාර දුනී.

    බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අසාත් සාලි මහතා ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයට සම්බන්ධව විනිසුරුවරු සිටින බවට ජනමාධ්‍ය ඔස්සේ කළ ප්‍රසිද්ධ ප්‍රකාශය එම ලිපියේ සඳහන් කර තිබේ.

    එය බරපතළ තත්ත්වයක් බැවින් එවැනි විනිසුරුවරුන් අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව, අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලා සිටි.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 18:09

    Latest News