රොටුඹ අමිල සහ කළුවා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

මැයි 07, 2019

    සේපාල රත්නායකගේ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් කළුවා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට අද (07) ඉදිරිපත් කිරීමෙන් අනතුරු එළඹෙන මැයි මස 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්ච්චි මෙනවිය නියෝග කළාය.


    2018 - 10 - 27 දින මාතර රොටුඹ ප්‍රදේශයේ දී නාලක පුෂ්ප කුමාර යන ව්‍යාපාරිකයා සහ ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන ඔහුගේ සහායකයා රොටුඹ ප්‍රදේශයේ වෙළඳසල තුළදී ටී - 56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධය ඩුබායි සිට මෙහෙයු බවට දුරකතන විශ්ලේෂන වාර්තා බුද්ධි තොරතුරු සහ විමර්ශන වලදී අනාවරණය වීම හේතුවෙන් සේපාල රත්නායකගේ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල රිමාන්ඩ් බන්ධනාගාරයට පත් වූ අතර එම අපරාධය සඳහා සහයදීමේ චෝදනාව යටතේ රණවකගේ ධම්මික නුවන් හෙවත් කළුවා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.

    Latest News