පුද්ගලයින් අතුරුදන් කිරීමේ නඩුවේ සැකකරුවන් නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

මැයි 07, 2019

    කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වලින් අහිංසක ශිෂ්‍යයින් හා ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළා යැයි පැවසෙන සිද්ධියට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හත්දෙනා ලබන 21 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (07) නියෝග නිකුත් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදුකෙරණ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම සලකා බැලීමෙන් පසුවයි, මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇත්තේ.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ සිද්ධියේ සැකකරුවන් වන හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ සහ හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් හා මීගමුවේ බෝට්ටු හිමිකරු ඇතුළු හත්දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 11:17

    Latest News