අයිස් කිලෝ 2ක් කටුනායක ගුවන් තොටේ දී අල්ලයි

මැයි 07, 2019

    කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් ‍තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙත්ඇම්පිටමින් හෙවත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 901ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉන්දියාවේ චෙන්නායි සිට ගුවන් මගින් මෙරටට පැමිණී ශ්‍රී ලාංකීය පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී ඔහු රැගෙන පැමිණි ගමන් බෑගයේ ව්‍යාජ පතුලක් තුළ සඟවා තිබූ අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 901 ක් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේය.

    සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 68 ක් වු මාබෝල, වත්තල ලිපිනයේ පදිංචි මොහොමඩ් හසාන් මොහොමඩ් අක්‍රම් යන පුද්ගලයෙකි.

    සැකකරු අද(07) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක් රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාර දීමට නියමිතයි.

    Latest News