රජ්‍ය දේපළ අවභාවිතයට TNA හිටපු මන්ත්‍රීට සිර දඬුවමක්....ලක්ෂ 54ක් දඩයක්

මැයි 06, 2019

    රජයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පී.එච්. පියසේන මහතා ට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 4 ක සිරදඬුවම් නියම කරයි.

    කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම දඬුවම නියම කළ අතර සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 54 ක දඩයක් ද නියම කර ඇත.

    දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව වසර දෙකක බරපතළ සිර දඬුවම් නියම කරන බවයි නඩු තීන්දුවේ සඳහන් වේ.

    2015 වසරේ ජුලි මස නව වන දා සිට 2016 වසරේ ජූලි මස 31 වනදා දක්වා කාලසීමාව තුළ විත්තිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ අවධියේ අග්‍රාමාත්‍ය කාර්යාලය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදුන් prado රථයක් එම මන්ත්‍රී ධූරය අහිමි වීමෙන් පසුව ආපසු රජයට භාර නොදී අවභාවිත කළ බවට චෝදනා කරමින් පියසේන හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තබේ.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුවකට ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සඳහන් කර සිටියේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

    ඒ අනුව ඔහුට මෙම දඬුවම නියම කරන බවද විනිසුරුවරයා සඳහන් කර ඇත.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 10:31

    Latest News