මාවනැල්ලේ බුදු පිළිම හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

මැයි 06, 2019

    මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදු කළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 13 දෙනා යළි මැයි මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරේ.

    මෙම නඩුව අද (06) මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගෙන තිබේ. එහිදි මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා සැකකරුවන් 13 මැයි මස 20 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

    එම සැකකරුවන් සියලුදෙනාම මුස්ලිම් පුද්ගලයන් වන අතර බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කර ඇතැයි චෝදනා ගොනුකර ඇත.

    අද(06) උදැසන කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර බස් රථයකින් මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් 13 දෙනා ඉදිරිපත් කර ඇත.

    Latest News