ධීවර කටයුතු අවදානම්

නොවැ 07, 2018

    දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු - මැද පළාත්වල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී

    දිවයින හරහා, විශේෂයෙන්ම දිවයිනේ උතුරු අර්ධය හරහා හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක.උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැක.

    හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.

    මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ පුත්තලම හරහා කොළඹ දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා වන දිශාවලින් හමා එයි.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50දක්වා වැඩිවිය හැක. එවිට එම මුහුදු ප්‍රදේශ රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

    Latest News