මීගමුවේ හානි සෙවිමට අගමැතිගෙන් උපදෙස්

මැයි 06, 2019

    ඊයේ (05) දින මීගමුවේ දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදු වී ඇති බව වාර්තා වන්නේ යැයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය නිකුත් කරමින් කියා සිටි. 

    නොසන්සුන්තාවයේදි සිදුව ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව වන්දි ගෙවීමට අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දී ඇති බව එහි සඳහන්වේ.

    ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇත.

    Latest News