රාමසාන් හෙටයි (07)

මැයි 06, 2019

    මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස හෙට ආරම්භ කෙරෙන බව කොළ මහ පල්ලීය නිවේදනය කරයි.

    5 වැනි දින සඳ දැකීමට නොහැකි වීම හේතුවෙන් මෙම දිනය කල් දැමීමට සිදුව තිබේ.

    නව සඳ දැකීමෙන් අනතුරුව මෙම උපවාසය ඇරඹේ.

    1440 වැනි හිජ්රී වර්ෂය සඳහා නව සඳ බැලීම කොළ මහ පල්ලියේදී ඊයේ සිදු කෙරිණ.

    ඉස්ලාම් ආගමේ අනිවාර්යෙන් ඉටුකළ යුතු කරුණු 5 න් එකක් ලෙස රමසාන් උපවාසය සැළකේ.

    අලුයම සිට සවස අසාන් යාඥා ආරාධනය දක්වා දිනපතා උපවාසයේ නිරත වීම මුස්ලිම් බැතිමතුන්ගේ සිරිතයි.

    අල්ලාහ් දෙවියන් විසින් ශුද්ධ වූ අල් - කුරානය මොහොමඩ් නබිතුමා වෙත ප්‍රදානය කරනු ලැබුවේ රාමසාන් සමයේ බව විශ්වාස කෙරේ.

    නෝම්බි උපවාසය යහපත් ශරීර සෞඛ්‍යයක් සඳහා මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනයට ද හේතුවන බව, ඉස්ලාම් ආගමේ සඳහන් වේ.

    ලබන මස නව සඳ බැලීමත් සමඟ රාමසාන් උත්සවය නිමාවට පත්වේ.

    Latest News