සමාජ මාධ්‍ය යළි විවෘතයි

මැයි 06, 2019

    ඊයේ සිට(5) තාවකාලිකව නවතා දැමූ සමාජ මාධ්‍ය යළි සුපුරුදු ලෙස ක්‍රියාත්මකවේ.

     ෆේස් බුක්, වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීම ඊයේ රාත්‍රියේ සිට අවහිර කර තිබුණි. ඒ මීගමුව ප්‍රදේශයේ පුද්ගලයින් දෙනෙකු අතර වු බහින් බස්වීමෙන් ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් වෛරී ප්‍රකාශ ප්‍රචාරය වීම වැලැක්විමේ අරමුණි මෙම අවහිරතාව ක්‍රියාත්මක කෙරිණ. ඒ අනුව ක්‍රියාත්මක වු සමාජ මාධ්‍ය අවහිරතාව මේ වන විට ඉවත් කර තිබේ.

    සමාජ මාධ්‍ය ජාල නැවතත් අවහිරයි (08.14)

    සියලු සමාජ මාධ්‍ ජාලය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ආදී සමාජජාල වෙත පිවිසීම තාවකාලිකව යළි අත්හිටුවා ඇත.

    රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අදාළ අංශ කියා සිටී.

    Last modified on සදුදා, 06 මැයි 2019 09:56

    Latest News