අද පාර්ලිමේන්තුව හදිසියේ රැස්වේ

මැයි 06, 2019

    ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද(06) පැවැත්වේ.

    කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව පැවසේ.

    මෙහිදි ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිතයි.

    ඊට අමතරව පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන නව ආරක්ෂිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් පක්ෂ නායකයින් දැනුවත් කෙරේ.

    Latest News