මීගමුවේ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

මැයි 06, 2019

    මීගමුව පොලිස් කොට්ඨාශයට පනවා තිබු පොලිස් ඇඳිරි නිතිය අද(06) උදෑසන 7.00ට ඉවත් කෙරිණ.

    ඊයේ පස්වරුවේ ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්තාවයක් පාලනය කිරීම සඳහා මීගමුව පොලිස් කොට්ඨාශයට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය.

    ඒ අනුව මීගමුව,කොච්චිකඩේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දොළුගම, සීදුව, දුන්ගල්පිටිය සහ කටාන යන ප්‍රදේශවලට මෙම පොලිස් ඇඳිරී නීතිය පැණවීමට පොලීසිය පියවර ගත්තේය.

    මීගමුව, කොචිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු සුළු බහින් බස් වීමක් පසුව ගැටුමක් දක්වා වර්ධනය වූ බව පැවසේ.

    ප්‍රදේශයේ තත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාවේ ද සහය ලබා ගැණින.

    මේ වනවිට ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.

    Latest News