විශේෂ ආරක්ෂාව මැද දෙවන පාසල් වාරය ඇරඹේ

මැයි 06, 2019

    දෙවන පාසල් වාරය සඳහා අදියර දෙකක් යටතේ අද(06) දිනයේ සිට ආරම්භ කෙරිණ.

    පාසල් ආරම්භ කිරීමට තිබුණේ පසුගිය 22 වැනි දිනයි.

    දිවයිනේ පැවති අයහපත් ආරක්ෂක වාතාවරණය හේතුවෙන් එය කල්දෑමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය.

    ඒ අනුව පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව අදියර දෙකක් යටතේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇති අතර, ඒ අනුව 6 වසරේ සිට 13 වසර දක්වා සිසුන් සඳහා පමණක් අද (06) දිනයේ පාසල් ආරම්භ කෙරිණ.

    ප්‍රාථමික අංශයන් ආරම්භ කරනු ලබන්නේ එළඹේන 13 වැනි දින බව, අධ්‍යාපනය අමාත්‍යාංශය සඳහන් කරයි.

    Last modified on සදුදා, 06 මැයි 2019 07:51

    Latest News