පස් කන්දක් කැපීමට ගිය 03ක් යටවෙයි......රෝහලට ගෙන යද්දි අයෙක් මරුට

මැයි 05, 2019

    තලවකැලේ නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ආරක්ෂිත පැති බැම්මක් ඉදි කිරිමට අත්තිවාරම් කපමින් සිටි තිදෙනෙක් පස් කන්දකට යටවි තිබේ.

    පස්කන්ද කඩා වැටිමෙන් ඔවුන් තිදෙනාම යටවි ඇති අතර එක් අයෙක් ජිවිතක්ෂයට පත් වු බව තලවකැලේ පොලිසිය පැවසයි. අද (05) පස්වරු 1 ට පමණ මෙම අනතුර සිදු වි ඇත.

    පස් කන්දට යට වු තිදෙනා තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයන් සහ ප්‍රදේශවාසින් එක් ව ගොඩගෙන ලිදුල රෝහල වෙත රැගෙන ගොස් තිබේ. එසේ රැගෙන යන අවස්තාවේ එක් කම්කරුවෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පොලිසිය පැවසුවේය. සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.

    එම ඉඩම නාය අවධානමක් ඇති බැවින් ආරක්ෂිත පැති බැම්ම ඉදි කරන ලෙස ඉඩම් හිමියාට දැනුම් දුන් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා කියා සිටියේය.

    Latest News