උ. කොරියාව නව කෙටි දුර මිසයිල පද්ධතියක් අත්හදා බලයි

මැයි 05, 2019

    උතුරු කොරියාව විසින් නව කෙටි දුර මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව, විදෙස් මාධ්‍ය පවසයි.

    එම පද්ධතියට විවිධ වර්ගයේ මිසයිල ඇතුළත්වේ. උතුරු කොරියානු හොදෝ අර්ධද්වීපයෙන් ඉහළට මුදාහරින ලද මිසයිල පතිත වී ඇත්තේ ජපාන මුහුදු සීමාවටයි. මීට ප්‍රථම උතුරු කොරියාව කියා සිටියේ තමන් නවීන ක්‍රමෝපාය අවි අත්හදා බැලීමට සූදානම් බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් අතර පසුගිය පෙබරවාරි මාසයේ දී වියට්නාමයේ හැනොයි නගරයේ දී හමුවක් පැවැත්විණ.

    එම හමුවෙන් අනතුරුව උතුරු කොරියාව කළ පළමු මිසයිල අත්හදා බැලීම මෙයයි. ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ උතුරු කොරියානු නායකයා තමන් හමුවේ වූ පොරොන්දුව ඉටු කළ යුතු බවයි. එසේ නොවුවහොත් අමෙරිකා-උතුරු කොරියා සබඳතාවලට එය අයහපත් ලෙස බලපාන බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

    Latest News