විපක්‍ෂ නායක මහින්ද - තවුහිත් ජමාත් ප්‍රධාන නයකයින් අත්අඩංගුවට.... ආරක්‍ෂාව යහපත්

මැයි 05, 2019

    මේ වනවිට රටේ ආරක්‍ෂාව යහපත් අතට හැරී ඇතැයි, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, අපවත් වී වදාළ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස ස්වාමීන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ පැමිණි අවස්ථාවේදී. දේහය මේ වනවිට තැන්පත් කර ඇත්තේ මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරස්ථානයේ. රෝගාතුරව සිටි පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස හිමියන් අපවත් වනවිට 56 වැනි වියේ පසුවිය. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, ලංකාරාමය, ඇරැව්වල ශ්‍රී විජය සිරිවර්ධනාරාමය සහ මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරස්ථානයේ ද විහාරාධිපති ලෙස, උන්වහන්සේ වැඩ සිටියහ. ආදාහන පූජෝත්සවය හෙට බත්තරමුල්ල කමත පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි.

    එහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා.....

    “මං හිතන්නේ ආරක්‍ෂක තත්වය හොඳ අතට හැරෙමින් තියෙනවා කියලයි මගේ විශ්වාසය. දැනට ප්‍රධාන පෙළේ අය අත්අඩංගුවට ගෙන තියෙනවා.“ යැයි විපක්‍ෂනායකවරයා පැවසීය.

    Last modified on ඉරිදා, 05 මැයි 2019 16:18

    Latest News