ඉන්දිය ඔත්තු සේවා ක්‍රියාත්මකයි....... පාස්කු ප්‍රහාරයේ මොලකරුගේ මස්සිනා මාට්ටු

මැයි 05, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ සගයෙකු ඉන්දීය ඔත්තු සේවාවල තොරතුරු මත සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

    සහරාන්ගේ මස්සිනා සෞදි අරාබියට ගොස් ඇත්තේ ෂහනවාජ් යන අනවර්ත නාමයකින් බව හින්දුස්ථාන් පුවත්පත පවසයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබදව ඉන්දීය ආරක්ෂක අංශ සෞදි බලධාරින් වෙත දැනුම්දීමක් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රහාරය තම මෙහෙයුමක් බවට අයිඑස් සංවිධානය ප්‍රකාශ කළ අතර ඉන්දියාව ද තම රටේ අයි. එස්. ක්‍රියාකාරකම් ගැන දැන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් කියා සිටි.

    Last modified on ඉරිදා, 05 මැයි 2019 15:12

    Latest News