ආයුධ, හමුදා ඇඳුම්, ළඟම පොලිස් ස්ථානයට බාරදෙන්න

මැයි 05, 2019

    කඩු කිනිසි ඇතුළු ආයුධ මෙන්ම හමුදා ඇඳුම් හෝ ඊට සමාන ඇඳුම් සන්තකයේ තබාගෙන ඇත්නම් ඒවා ළඟම ඇති පොලිස් ස්ථානයට බාරදෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඊයේ සහ අද, ඒවා බාරදීමට පොලිසිය කල් ලබාදී ඇති අතර ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා කළ වැටලීම් තවදුරටත් පුළුල් කර ඇති බව පොලිසිය පවසයි. වැලිමඩ නගරයේ සහ ඒ අවට කළ සෝදිසියකදී සැකකරුවන් 6 දෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගැණින. එහිදී රථවාහන විශේෂ පරීක්‍ෂාවට ලක් කළ බව අප වාර්තාකරු පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ අනන්‍යතාව තහවුරු කළ නොහැකි වූ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් සිව් දෙනෙක්.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ 532 බල සේනාංකයේ භටයින් හා පොලිසිය එක්ව කුරුණෑගල නගරයේ කළ මෙහෙයුමකදී සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැණින. පොහොර මලුවල දමා සඟවා තිබූ යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් ද සොයා ගැණින. ඒ, කුරුණෑගල වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සැලක තිබියදී. නගරයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා කඩසාප්පු, වෙළෙඳ සංකීර්ණ, බස් නැවතුම්පොළ ඇතුළු සියලු ගොඩනැගිලි පරීක්‍ෂා කෙරේ. තවත් වෙළෙඳ සැලක තිබූ සැකසහිත දුරකතන 12ක්, සීඩි තැටි තොගයක් සහ විදේශ ගමන් බලපත්‍රයක් ද ආරක්‍ෂක අංශ බාරයට ගැණින.

    Kurunegala px 900 05 05 19

    අනුරාධපුර නාච්චාදූව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක දී රහසිගතව සඟවා තිබූ ලොරි රථ දෙකක් සොයා ගැණින. අංක තහඩු නොමැතිව තිබූ ඒවා සොයා ගැණුනේ පෞද්ගලික වී ගබඩාවක තිබියදී. වී ගෝනිවලින් බැම්මක් සකසා ලොරි රථ ආවරණය කර තිබිණ. ඒවායේ හිමිකරුවන් විදේශගතව සිටින බව, ප්‍රශ්න කිරිම්වලදී හෙලිවිය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැලෑ ඇඳුම් සහ ලාංඡන සමඟ සැකකරුවෙකු අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගැණින. සැකකරුවන්ගේ නිවස පරීක්‍ෂා කිරීමේදී නාවික හමුදා උසස් නිලධාරීන්ට අයත් කැලෑ නිල ඇඳුම් දෙකක්, හිස්වැසුම් 3ක්, ඇඳ ඇතිරිලි තොගයක් සහ බයිබලයට සම්බන්ධ සංයුක්ත තැටි තුනක් මෙන්ම එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන-මැරෙන කොටි සාමාජිකයන්ගේ නම් ලැයිස්තුවක් ද හමුවී තිබේ.

    Apura px 900 05 05 19

    Latest News