හිටපු ආරක්ෂක ප‍්‍රධානීන්ගේ වාර්තාව ජනපතිට

මැයි 03, 2019

    රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප‍්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් ඊයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී තිබිණි.

    එම වාර්තාව විපක්ෂනායකවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වන ලදී.

    හිටපු ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරිය, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් ජයනාත් කොළඹගේ, හිටපු පොලිස්පතිවරුන් වන මහින්ද බාලසූරිය, චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    අනතුරුව ජනාධිපතිතුමා මෙම පිරිස සමඟ කෙටි සාකච්ජාවකට ද එක් විය.

    Latest News