අන්තවාදය පැතිරවීමට කොළඹ රැඳි සිටි තවුහිද් ජමාත් 02 ක් මාට්ටු...... ක්‍රියාකාරිත්ව වාර්තාවක් එළියට

මැයි 03, 2019

    කොටහේන මහල් නිවාසයක රැඳී සිටියදී බුද්ධි තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙක් රඳවා ප්‍රශ්න කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අද අවසර ලබාදී තිබේ.

    එ අනුව දින 90 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි නියෝග නිකුත් කෙරුණේ. කොටහේන පොලිසිය භාරයේ සිටි මොහොමඩ් ස්මයිල් සහ මොහොමඩ් අලියාර් මොහොමඩ් නියාස් යන සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් නොකෙරිණ.

    සැකකරුවන් රැඳී සිටි නිවසේ තිබී ඉස්ලාමීය අන්තවාදී අදහස් අඩංගු ලිපි ද්‍රව්‍ය, සී .ඩී. පට, දුරකථන උපාංග සහ ලැප්ටොප් දුරකථන ආදිය අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේය. මොවුන් කාත්තන්කුඩි ප්‍රාදේශය් පදිංචි කරුවන් බව තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය ඇති හෙයින් සැකකරුවන් පොලිසිය භාරයේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන මෙන් කොටහේන පොලිසිය වැඩිදුරටත් අධිකරණයට ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් අධිකරණය සැකකරුවන් දින 90ක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුනී.

    Latest News